රණවිරු නිෂ්පාදන අළෙවි පොළ 2019ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික රණවිරු සුභ සාධක ව්‍යපෘතියේ දිරි බලයෙන් පැවැත්වුණ රණවිරු නිශ්පාදන අලෙවි පොළ ආරක්ෂක අමාත්‍යාංශ හෙලියානා පථයේදී 2019 මාර්තු මස 26 වන දින දවස පුරා පැවැත්විය.
රණ රඟ මියැසිය රඟදෙයි.....කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ කලා කුසලතා එළිදැක්වෙන රණ රඟ මියැසිය 2018.11.01 දින කොළඹ ආරක්ෂක සේවා පාසල් රංග ශාලාවේදී පවත්වන ලදී.
ආබාධිත නාවික රණවිරුවා “විරුසුමිතුරු” සෙවන ලබයි....ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආබාධිත රණවිරු සුනිල් ශාන්ත දිසානායක මහතා වෙනුවෙන් ඉදිකළ “විසුරුමිතුරු” නිවස ගරු ආරකෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා අතින් 2018/09/20 වන දින පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් විවෘත කර විරු අයිතියට පත් කරන ලදී.
වස විසෙන් තොර හෙටක් - ගොඩනගන විරු අතක්....ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික රණවිරු සුභ සාධන ව්‍යපෘතියේ දිරි බලයෙන් ක්‍රියාවට නැංවෙන විශ්‍රාමික රණවිරුවා කෘෂි ව්‍යාපාරිකයින් බවට පත්කිරීම සඳහා පවත්වනු ලබන කෘෂි පුහුණු වැඩසටහන් මාලාවේ ඉදිරි පුහුණුවැඩසටහන පැවැත්වීම සඳහා විශ්‍රාමික රණවිරු සුභ සාධන අංශයය කටයුතු සංවිධානය කෙරේ.
රණවිරු කෘෂි නිශ්පාදන අලෙවි පොළක් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී...විශ්‍රාමික රණවිරු සුභසාධක ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කෙරෙන විශ්‍රාමික රණවිරුවන් කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ තවත් පියවරක් පෙරට තබමින් රණවිරු කෘෂි නිෂ්පාදන සඳහා වෙළඳපොල ඉල්ලුම මැන බැලීමේ නියමු කෘෂි බෝග අලෙවි පොලක් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රෙය්දී 2018 අගෝස්තු මස 27 වන දින පවත්වන්නට යෙදුණි.
විශ්‍රාම නොයන රැකියාවක් සඳහා විශ්‍රාමික රණවිරුවා බල ගැන්වීමනීල හරිත ආර්ථිකයක් කරා විශ්‍රාමික රණවිරුවන් යොමු කිරීම තුළින් රණවිරුවා කෘෂි ව්‍යාපාරිකයන් බවට පත්කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් රණවිරු පවුල් ආරථිකය නංවාලීමත්, විශ්‍රාමික දිවිය නිසි පරිදි කළමණාකරණය කිරීමත් අපේක්ෂිත ඉලක්කය කර ගනිමින් පවත්වන්නට යෙදුණු පුහුණු කඳවුරු සැසියන්හි තවත් අදියරක් ඉතා සාර්ථක අයුරින් පසුගියදා නිම වුණි.
සෙන්විරු සියපත ජංගම සේවයේ පළමු පියවර අනුරාධපුරයෙන් තබයි.....රණවිරු පවුල් වෙත පවතින කාලීන ගැටළු හදුනා ගැනීමත්, ඒවාට ක්ෂණික පිළතුරු ලබා දීමත්, අනාගතයේදී රණවිරුවන් වෙත ඇතිවන ගැටළු අවම කර ගැනීමත් අරමුණු කර ගනිමින්, සෙන්විරු සියපත ජංගම සේවයේ පළමු පියවර අනුරපුරයෙන් තබන්නට රණවිරු සේවා අධිකාරියේ පසුගිය දා කටයුතු කරන ලදී.
හමුදා සේවයෙන් විශ්‍රාම යාමට ආසන්න සෙබලියන් වෙත කෘෂිකර්ම පුහුණුවක්......ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බලකායේ 5 වන බල ඇණිය හා 3 වන බලඇණිය නියෝජනය කරනු ලබන නිලධාරිනියන් හා සෙබලියන් ද ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා අංශය නියෝජනය කරමින් සෙබලියන් පිරිසක් ද ඇතුළුව 117 දෙනෙක් සඳහා විශ්‍රාමික රණවිරු සුභසාධක අංශයේ කෘෂිකාර්මික ස්වයං රැකියා ව්‍යාපෘතිය මගින් කෘෂි පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී.
විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලේ.....නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙහෙයවනු ලබන, රණවිරු සේවා අධිකාරිය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධ රැස්වීමක් 2018.06.07 වන දින නිවාස අමාත්‍යාංශ රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී.
“තෙවස් අභිමන්” කෘතිය පිළිගැන්වීම...ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතු ඇරඹි 2015 වසරේ සිට 2017 වසර දක්වා පැමිණි ගමන් මඟ හා අමාත්‍යාංශය විසින් හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වන ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, රණවිරු සේවා අධිකාරිය, ජාතික ශිෂ්‍යභට බලකාය, ආරක්ෂක සේවා පාසැල් විසින් අත්පත් කර ගත් ප්‍රගතිය විදහා දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ මෙහෙයවීම මත සැකසුණු “තෙවස් අභිමන්“ කෘතිය එලිදැක්වීම 2018.05.22 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදි පැවැත්විණි.
ජාතික රණවිරු සැමරුම් දිනය අභිමානවත්ව සැමරේ.....අපේ කාලයේ විරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය අභියසදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙවරත් අභිමානවත්ව ජාතික රණවිරු සැමරුම් දිනය (2018.05.19 වන දින) සමරන්නට යෙදුනි.
“තෙවස් අභිමන්” කෘතිය ජනපතිට පිළිගැන්වේ.......රටේ භෞමික අඛණ්ඩතාවය හා ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරලනු පිණිස උපාය මාර්ගික සැළසුම් හා ප්‍රතිපත්ති සකස් කොට නීතිගරුක වෘත්තීමය හමුදාවක් තුළින් ලක් භූමියත්, මුහුදු සහ ගුවන් සීමාවත් සුරක්ෂා කරමින් ලක්මව සුරැකීම ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීමයි.
බෞද්ධාලෝක වෙසක් 25622562 වන සම්බුදු තෙමඟුල වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරන වෙසක් කළාපය මෙවරත් බොහෝ වෙසක් පහන්කූඩු ඇතුළත්ව බෞද්ධාලෝක මාවතේ දී 17 වන වරටත් සැදැහැවතුන් සඳහා ප්‍රදර්ශණයට ඉදිරිපත් කර තිබුණි.
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිවිල් කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහනආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිවිල් කාර්යමණ්ඩලය 100 කට ආසන්න පිරිසක් සේවය කරන අතර එම කාර්ය මණ්ඩලයේ හා සිවිල් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ පාලනය වන සිවිල් කාර්යමණ්ඩලයේ 53 දෙනෙක් උදෙසා සංවිධානය කළ ආකල්ප සංවර්ධන වැඩසටහනෙහි පළමු වැඩසටහන 2018.05.01 දින එම විද්‍යාලයේ පොදු පහසුකම් ගොඩනැගිල්ලේදී පවත්වන ලදී.
කොළඹ ආරක්ෂක සේවා විදුහලේ පා ගමන......කොළඹ ආරක්ෂක සේවා පාසැල මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පාගමන පසුගියදා කොළඹ ආරක්ෂක සේවා පාසල ඉදිරිපිටින් ආරම්භ කර නැවත පාසල වෙත පැමිණිමෙන් අවසන් කරන ලදී.
විශ්‍රාමික රණවිරුවනට මාතලේදී කෘෂි පුහුණුවක්...මාතලේ, උකුවෙල, ඇල්වල පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ දී කෘෂි බෝග වගාවෙන් තම විශ්‍රාම දිවිය අර්ථාන්විත කර ගනිමින් කෘෂි ව්‍යවසායක්යින් බවට ද පත් වීමට අවැසි කෘෂි පුහුණුවක් විශ්‍රාමික රණවිරුවන් ඉලක්ක කර ගනිමින් පවත්වන්නට විය.
විරු දෑතට අත මිට සරු හෙට දවසක්....ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ විශ්‍රාමික රණවිරු සුභ සාධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන විශ්‍රාමික රණවිරුවා කෘෂි ව්‍යවසායකයින් ලෙස බල ගැන්වීමෙහි ලා අරඹන ලද කෘෂි ව්‍යාපාරික ස්වයං රැකියා ව්‍යාපෘතියේ දෙවැන්න 2018.03.28 සහ 29 දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් ලෙස පවත්වන්නට කටයුතු සංවිධානය කර ඇත.
කණිෂ්ඨ ශිෂ්‍යභට (බාලිකා) අනුශූරතාවය කොළඹ ආරක්ෂක සේවා පාසැල දිනා ගනී.රංටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු කඳවුරේ 2018.02.28 සිට 2018.03.04 දින දක්වා පැවති කණිෂ්ඨ ශිෂ්‍යභට (බාලිකා) පුහුණු කඳවුරේදී හොඳම අණදෙන්නිය ලෙස JC/26/A/180 සේනාරත්න එස්.ඒ.එම්.ඒ.එච්.අයි. සිසුවිය විසින් දිනා ගනිමින් ශිෂ්‍යභට ඛණ්ඩ ඇගයීම් කඳවුරේ සමස්ථ අනුශූරතාවය කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය විසින් දිනා ගෙන ඇත.
විශ්‍රාම නොයන රැකියාවක් සඳහා විශ්‍රාමික රණවිරුවා බල ගැන්වීම.නීල හරිත ආර්ථිකයක් කරා විශ්‍රාමික රණවිරුවන් යොමු කිරීම තුළින් රණවිරුවා කෘෂි ව්‍යාපාරිකයන් බවට පත්කිරීමේ අරමුණ පෙරදැරි කර ගන්මින් රණවිරු පවුල් ආර්ථිකය නංවාලීමත්, විශ්‍රාමික දිවිය නිසි පරිදි කළමණාකරණය කිරීමත් අපේක්ෂිත ඉලක්කය කර ගනිමින් 2018 පෙබරවාරි මස 21,22 හා 23 වන දින නියමු ව්‍යාපෘතියක් වශයෙන් නිල හරිත ආර්ථිකයක් කරා යොමු කිරීමේ තෙදින පුහුණු කඳවුරු සැසිය පවත්වන්නට යෙදුනි.
නීල හරිත ආර්ථිකයක් කරා විශ්‍රාමික රණවිරුවන් යොමු කිරීම.විශ්‍රාමික රණවිරුවා කෘෂි ව්‍යවසායකයින් ලෙස බල ගැන්වීමෙහි ලා ඇරඹුමක් වශයෙන් විශ්‍රාමික රණවිරුවන් සඳහා රැකියා ලබා දිමේ වැඩපිළිවෙල යටතේ, නිල හරිත ආර්ථිකයක් කරා යොමු කිරීමේ කෘෂි ව්‍යාපාරික ස්වයං රැකියා ව්‍යාපෘතිය බලගන්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂධුරයේ වැඩ භාර ගැනීම.ශ්‍රී ලංකා යුධ හමුදා රණවිරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් එන් ඒ පී සී නාපාගොඩ ආර්ඩබ්පී ආරඑස්පී අයිජී, රණවිරු සේවා අධිකාරියේ අභිනව අධ්‍යක්ෂක ලෙස පසුගිය දා වැඩ භාර ගන්නා ලදී.
11 වසරක් සපුරන කොළඹ ආරක්ෂක සේවා විද්යාලයතිස් වසරක් පුරා පැවති යුද්ධය හමාර කරන්නට ජීවිත පරිත්‍යාගයෙන් කටයුකතු කළ රණවිරුවන්ගේ උදාර සේවාව අගයනු වස් ඔවුන්ගේ දුවා දරුවන්ට පැහැබර අනාගතයක් උරුම කිරීම උදෙසා සියලු පහසුකම් වලින් පරිපූර්ණ අධ්‍යාපන පරිසරයක් තිළිණ කිරීමත්, වර්තමානයේ පහසුකම් සහිත නගරයේ ප්‍රසිද්ධ පාසල්වලට දරුවන් ඇතුළු කර ගැනීමේ ඇති වන අපහසුතා අවම කර ගැනීමත් අරමුණු කර ගනිමින් ආරක්ෂක සේවා විද්‍යාල පද්ධතිය ආරම්බ කරනු ලැබීය.
ආරක්ෂක සේවා විද්‍යාලයේ ත්‍යාග ප්‍රධානෝතසවය 2017කොළඹ මැලේවීදියේ ආරක්ෂක සේවා විද්‍යාලයේ රණවිරු සිසු දුවා දරුවන්ගේ හැකියාවන් අගයමින් පැවති ත්‍යාග ප්‍රධානෝතසවයේ ප්‍රධාන ආරධිතයින් වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මැතිතුමා සහ ආරක්ෂක රාජ්‍ය ආමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විද්‍යාලයේ ශ්‍රවනාගාරයේදී පවත්වනු ලැබීය.
කණිෂ්ඨ ශිෂ්‍යභට අංශය නැවතත්...ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයට ඇතුලත් වූ ශිෂ්‍යභට බලකායේ කටයුතු වඩාත් ඵලදායී දැක්මක් සඳහා මෙහෙයවීමට අධ්‍යක්ෂ ලෙස මේජර් ජෙනරල් ඒකේපී වික්‍රමසිංහ යූඑස්පී තුමන්, 2016 වසරේ දී පත්කරන ලද අතර වසර 36ක් පුරා අත්හැර දමා තිබූ කණිෂ්ඨ ශිෂ්‍යභට අංශය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පළමු පියවර ලෙස ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවල නියාමක ව්‍යාපෘතියක් ලෙස අරඹන ලදී.
විරුසර කාඩ්පත් ප්‍රදාන දෙවන අදියර ගණේමුල්ල කමාණ්ඩෝ මධ්යස්ථානයේදීජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස්මත රණවිරුසේවා අධිකාරියේ සම්බන්ධීකරණයෙන් රණවිරුවන්ට සහ රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත පිදෙන විරුසර වරප්‍රසාද කාඩ්පත් ප්‍රදානයේ දෙවන අදියර ආරක්ෂක රාජ්‍යය අමාත්‍යය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් මස 09 වැනි දින ගණේමුල්ල කමාණ්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කෙරේ.
දෙවන අදියර යටතේ හිගුරක්ගොඩ පැවැති විරුසර කාඩ්පත් ප්‍රදානය පිළිබද ප්‍රගතිය සමාලෝචනය කෙරේ
විරුසර දෙවන අදියර ක්‍රියාත්මක කිරීමේ ඉදිරි වැඩපිළිවෙල යටතේ 2016 ජුනි 27 වනදින හිගුරක්ගොඩ පැවැති විරුසර කාඩ්පත් බෙදාදීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය පිළිබදව සාකච්ඡා කිරීම 2016 ජූලි මස 08 වනදින ආරක්ෂක අමාත්‍යංයේදී පැවැති අතර, හිගුරක්ගොඩ උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් සියළුම දෙනාට මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් වෙනුවෙන්, ආරක්ෂක රාජ්‍ය ලේකම්තුමන් විසින් සිය ස්තුතිය පුද කරන ලදී.