හැඳින්වීම

රටේ භෞමික අඛණ්ඩතාවය හා ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරලනු පිණිස උපාය මාර්ගික සැළසුම් හා ප්‍රතිපත්ති සකස් කොට නීතිගරුක වෘත්තීමය හමුදාවක් තුළින් ලක් භූමියත්, මුහුදු සහ ගුවන් සීමාවත් සුරක්ෂා කරමින් ලක්මව සුරැකීම ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීමයි. එම භූමිකාවට අත්වැල් සපයමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය රණවිරු සුභසාධනය හා රටට අනාගත නායකයින් බිහිකිරීමේ වගකීම වෙනුවෙන් උරදී සිටි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ඇති මෙම අමාත්‍යාංශය 2015 වසරේ මාර්තු මස ආරම්භ කරන ලද අතර එමඟින් අධීක්ෂණය හා සුපරීක්ෂණය වන ආයතන 04 කි. ඒවා නම් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික සේවා විද්‍යාලය, ආරක්ෂක සේවා විද්‍යාල, රණවිරු සේවා අධිකාරිය, ජාතික ශිෂ්‍යභට බලකාය වේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ සමස්ථ කාර්යභාරය අතරට ඉහත කී ආයතනයන්හි සංවර්ධනය හා යටිතල පහසුකම් වර්ධනය කිරීමේ කාර්යභාරය තුළ මූලිකත්වය ගෙන කටයුතු කිරීම, ආයතනික ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සහ නෛතික කටයුතු සඳහා සහාය වීම , විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, එම ව්‍යාපෘති අධීක්ෂණය හා පසුවිපරම ප්‍රමුඛ වේ. තවද එම ආයතනයන්හි කාර්යභාරයන් ඇගයීම සඳහා මාසිකව, ත්‍රෛමාසිකව හා වාර්ෂිකව ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම, ප්‍රාග්ධන ව්‍යාපෘති විධිමත් හා කඩිනම් කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම මෙම අමාත්‍යාංශයේ වගකීම් අතරට එක්වේ.

සබැඳි වෙබ් අඩවි



MOD


OCDS


SLA


SLN


SLAF


SLP


SLC


CSF

KDU