විශ්‍රාමික රණවිරුවා රටට සම්පතක් බවට පත් කිරීම.


    නීල හරිත ආර්ථීකයක් කරා යොමු කිරීමේ කෘෂිකාර්මික ස්වයං රැකියා ව්‍යාපෘතිය සඳහා රණවිරු පවුල් වලින් අයදුම් පත් කැඳවයි.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය රැක ගැනීම සඳහා උර දී කැපවී සේවාවේ යෙදී සිට දැනට විශ්‍රාමිකව වෙසෙන ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ගේ දැනුම , කුසලතා හා අත්දැකීම් ඔවුන්ගේ ජීවිත ඉහළට ඔසවා තැබීමට සහ රටේ සමාජ, ආර්ථික හා සංස්කෘතික ප්‍රගමනයට දායක කර ගැනීමේ මෙහෙවර ඉටු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස කෘෂිකාර්මික ස්වයං රැකියා ව්‍යාපෘතිය හඳුන්වා දී ඇත.

 ව්‍යාපෘතියේ අරමුණ

ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලීසියේ විශ්‍රාමික රණවිරුවන්ට හා මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්හට තම නිවසේ සිටම පවුලේ ආරථිකය ශක්තිමත් කර ගැනීමට සහය වීම උදෙසා කෘෂි සංවර්ධනය පදනම් කරගත් ව්‍යාපෘතියත් තුළින් රටේ කෘෂි ආර්ථික සංවර්ධනයට දායක කිරීම.

සුදුසුකම්

  • ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සේවයෙන් විශ්‍රාම ලබා ඇති, විශ්‍රාම වැටුප් ලබන අයෙකු වීම හෝ මිය ගිය රණවිරුවකුගේ විශ්‍රාම වැටුප් ලබන බිරිඳක් වීම
  • කෘෂි ක්ෂේත්‍රයේ කටයුතු සඳහා නියැලීමට ඇති කැමැත්ත හා අවශ්‍ය කායික හා මානසික ශක්තිය තිබීම.
  • තමා සතුව පර්චස් 20 කට නොඅඩු ගෙවත්තක් තිබීම.

ඉලක්කය

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස විශ්‍රාමික රණවිරුවන් 1000 ක් තෝරා ගැනෙන අතර ඉදිරියේදී දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිතය.

දායකත්වය

  • ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය

    විවිධ කෘෂි වගාවන් ආරම්භ කිරීමට අවශ්‍ය තාක්ෂණය, මෙවලම් සහ බීජ ලබා දීම ආදී පහසුකම් සැපයීමේ කටයුතු අදාල අනෙකුත් ආයතන හා සම්බන්ධීකරණය කිරීම.

  • සණස සංවර්ධන බැංකුව

    ව්‍යාපෘතිය ආරම්භ කර පවත්වාගෙන යාමට අවැසි ණය පහසුකම් සැපයීම

මෙම ව්‍යාපෘතිය සඳහා සහභාගි වීමට කැමති ඉහත දක්වා ඇති සුදුසුකම් සහිත අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. ඔබගේ අයදුම්පත් 2018.02.16 දින හෝ ඊට පෙර ලැබෙන සේ පහත ලිපිනයට යොමු කරන්න.

ලිපිනය - ලේකම්,
                 ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය අංක 15/5,
                 බාලදක්ෂ මාවත,
                 කොළඹ 03.

විමසීම් - විශ්‍රාමික රණවිරු සුබසාධන අංශය - 011-2451750
                 කපිතන් කේ.එස්.එන්.කේ. ගජනායක මහතා - 071-4407783

සැ. යු. - ඔබ විසින් අයදුම්පත් යොමු කිරීමේදී, ඔබගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම් පත් අංකය, හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනිවාර්යයෙන් සඳහන් කළ යුතු අතර, ලියුම් කවරයෙහි ඉහළ වම් කෙළවරෙහි “විශ්‍රාමික රණවිරුවන් සඳහා වන ස්වයං රැකියා ව්‍යාපෘතිය“ ලෙස සඳහන් කිරීමට කාරුණික වන්න.

 

විශ්‍රාමික රණවිරුවන් සඳහා කෘෂිකාර්මික ස්වයං රැකියා ව්‍යාපෘතිය.

 

 

සබැඳි වෙබ් අඩවි



MOD


OCDS


SLA


SLN


SLAF


SLP


SLC


CSF

KDU