අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නංවා ඇති “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන හා සමගාමීව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය ද විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවමින් සිටී. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතට පමුණුවා ඇති ආයතන ද මෙම වැඩසටහන ට දායක වෙමින් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව, “රට වෙනුවෙන් එකට සිටිමු” මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහන යටතේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සහ අනුබද්ධිත ආයතන ක්‍රියාවට නැංවූ සහ රණවිරු අයිතියට පත් කරන ලද වැඩ සටහන් කිහිපයක් වේ.ඒ අතරින් ප්‍රධාන වශයෙන් කැපි පෙනෙන අංගයක් බවට පත් වූයේ අභිනවයෙන් ඉදිකරන ලද රණවිරු නිවාස රණවිරු අයිතියට පත් කිරීමයි. මේ අනුව රණවිරු අයිතියට පත් වූ නිවාස ගණන 39 කි. ක්‍රියාන්විතයේදී දිවි පුදකළ රණවිරුවන්ගේ ළඟම ඥාතීන් , ආබාධිත රණවිරුවන් මෙම නිවාස හිමිකම ලබා ගැනීම සඳහා තෝරා ගැනින.
අභිනවයෙන් ඉදිකළ නිවාස රණවිරු අයිතියට පත්කිරීමට පෙර, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.කේ.ජී.කේ. නැම්මවත්ත මහතා විසින් නිරීක්ෂණය කර ඇති අතර, නිවාසලාභී රණවිරුවන් සහ ඥාතින් සමඟ සුහද පිළිසදරක යෙදී, ඔවුන් මුහුණ දි ඇති වත්මන් ගැටළු පිළිබඳව ද කෙටි සාකච්ඡාවක ද නියැලී ඇත.
එසේම, ජාතික ශිෂ්‍යභට බලකාය වෙතින් මඩකලපුව විපුලානන්ද මධ්‍ය මහා විද්‍යාලය, මඩකලපුව මධ්‍ය මහා විද්‍යාලය, කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලය, කිරාන් මධ්‍ය මහා විද්‍යාලය, ශාන්ත විග්නේෂස් මධ්‍ය මහා විද්‍යාලය, වඩ්ඩාරමුල්ල මධ්‍ය මහා විද්‍යාලය ශිෂ්‍ය භටයින් යොදාගෙන මඩකලපුව වෙරළතීරය ශුද්ධපවිත්‍ර කිරීම තුළින් පරිසර හිතකාමී වෙරළ තීරයක් නිර්මාණය කිරීමහි ලා දායකත්වය දැක්වීය.
ශිෂ්‍ය භටයින් සහභාගී වු පාසල්
රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන සඳහා දායකත්වය දැක්වූ සැමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රණාමය.