අභිනව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සිය ධූරයෙහි වැඩභාරගනී …

අභිනව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පසුගියදා (නොවැ.05 දා) සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිය ධූරයෙහි රාජකාරි ආරම්භ කළේය.

සිය තනතුරෙහි වැඩභාර ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඒ මහතා, මව්බිමේ ස්වෛරීභාවය සුරක්ෂා කිරීම වෙනුවෙන් සන්නද්ධ හමුදාවන් සහ පොලීසිය මෙන්ම සිවිල් ආරක්ෂක බලකාය සිදුකරන ලද මෙහෙවර සිය පැසසුමට ලක්කළේය. වත්මන් රටතුළ සාමය සහ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා තමන් කැපවන බවත් ඒ සඳහා සියඵ පාර්ශවයන්ගේ සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු ,ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී , ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා,අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මෙන්ම සම්භාවනීයයන් රැසක්ද මේ අවස්ථාවට එක්විය.