විශ්‍රාමික රණවිරු සුභසාධක ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කෙරෙන විශ්‍රාමික රණවිරුවන් කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ තවත් පියවරක් පෙරට තබමින් රණවිරු කෘෂි නිෂ්පාදන සඳහා වෙළඳපොල ඉල්ලුම මැන බැලීමේ නියමු කෘෂි බෝග අලෙවි පොලක් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රෙය්දී 2018 අගෝස්තු මස 27 වන දින පවත්වන්නට යෙදුණි.
ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ අදහසකට අනුව, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ මග පෙන්වීම යටතේ මෙම වෙළඳපොළ පැවැත්වීම සඳහා සංවිධානය කර තිබුණි.
ත්‍රිවිධ හමුදාවේ තම සක්‍රිය සේවා කාලය නිම කරමින් විශ්‍රාම ගොස් සිටින රණවිරුවන් සේම ක්‍රියාන්විතයේදී ආබාධිත වූ රණවිරුවන් ද මේ වන විටත් කෘෂි ව්‍යවසායකයන් ලෙස ඉදිරියට පැමිණ සිටීම පැසසිය යුත්තකි. එසේම සක්‍රියව සේවයේ යෙදී සිටින රණවිරුවන් තම සේවා කාලය තුළදීම කෘෂි බෝග වගාව සඳහා නියැලෙමින් කටයුතු කරන අතර මෙම රණවිරු නිශ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව අනාවරණය විය.
විවිධ එළවලු, පළතුරු, මල් හා විසිතුරු පැල මෙන්ම දේශීය සහල් නිශ්පාදනය සඳහා ද රණවිරුවන් යොමුව තිබීම විශේෂත්වයකි. එමෙන්ම, දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් විවිධ ආහාර නිශ්පාදන කරමින් රැකියා විරහිත තරුණ තරුණියන්ට මෙන්ම රණවිරුවන් උදෙසාද රැකියා අවස්ථා බිහිකිරීමටද මෙම රණවිරුවන්ට හැකියාව ලැබී ඇත.
මෙම කෘෂි අලෙවි පොළ සඳහා සීමිත රණවිරුවන් පිරිසකගේ කෘෂි නිශ්පාදන හඳුන්වා දීමක් සිදු කළ අතර මේ සඳහා දායකත්වය දැක්වූ රණවිරුවන් සහ ඔවුන්ගේ නිශ්පාදන පහත පරිදි වේ.
මෙහිදී ඇතැම් රණවිරු කෘෂි නිෂ්පාදන සඳහා දේශීය හෝටල් සඳහා අවශ්‍ය නිශ්පාදන සැපයීමට අවස්ථාවන් උදා කර ගැනීමට හැකිවීමත්, වීදේශීය වෙළඳාම සඳහා අවස්ථාවන් ලබා ගැනීමේ මූලික පසුබිම සකස් කර ගැනීමට හැකිවීම ද ජයග්‍රහණයකි.