ජාතික රණවිරු සැමරුම් දිනය අභිමානවත්ව සැමරේ.....

අපේ කාලයේ විරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය අභියසදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙවරත් අභිමානවත්ව ජාතික රණවිරු සැමරුම් දිනය (2018.05.19 වන දින) සමරන්නට යෙදුනි.

රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන මෙම රණවිරු දිනය නිමිති කරගෙන දිවයින පුරා රණවිරු සැමරුම් උත්සව රාශියක් පවත්වන අතර ජාතික උත්සවය මෙදින පාර්ලමේන්තු ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා, කථානායකතුමා ඇතුළු දේශපාලන මහජන නියෝජිතයින්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ද ආණ්ඩුකාරවරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොල්ස්පතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, විදේශීය ආරක්ෂක නියෝජිතයින් සහ දැයේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සුරැකීමේදී දිවිපිදූ අභීත රණවිරුවන්ගේ ඥාතින්, ශරීරාංග පුදකළ රණවිරුවන් සමඟ ආරාධිත අමුත්තන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම රණවිරු සැමරුම ත්‍රිවිධ හමුදා හා පොලිස් රණවිරුවන්ගේ එකමුතුවෙන් සුසැදි රණබෙර වාදනයකින්ද වර්ණවත් කරන ලදී.

මළහිරු බැසයන සෑදෑවේ රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර සිදු කරමින් 2018 වසරේ ජාතික රණවිරු සැමරුම නිමාව සනිටුහන් කරන්නට විය.